Sri Lanka National Flag


ජාතික කොඩිය යනු රටක අනන්‍යතාව ලොවට පෙන්වන ප්‍රධාන සංකේතයයි. ශ්‍රී ලංකාවේ ජාතික කොඩියද ,පැරණි රාජකීය කොඩිය ඇසුරෙන් නිර්මාණය වී ඇත.
 (ශ්‍රී ලංකාවේ අවසාන රජ වූ ශ්‍රී වික්‍රම රාජසිංහ නරපති භාවිත කළ කොඩිය).  


ජාතියේ හා මාතෘ භූමියේ ඵෙතිහාසික පසුබිම, පෞඩත්වය, සෛවරිභාවය හා ස්වාධීනත්වය ද ශ්‍රී ලාංකේය ජනතාවගේ එක්සත්භාවය හා සමානාත්මතාව ද අපේ ජාතික කොඩියෙන් පෙන්නුම් කෙරේ. ජාතික කොඩිය හා ජාතික ගීය ශ්‍රී ලංකා ප්‍රජාතන්ත්‍රවාදී සමාජවාදී ජනරජ ව්‍යවස්ථාවේ ද ප්‍රධාන කොටසකි. ජාතික කොඩියේ හැඩය ඍජුකෝනාඝ්‍රයකි.

පැරණි කොඩිය

ශ්‍රී වික්‍රම රාජසිංහ රජුගේ රාජකීය ධඡය

නව කොඩිය

ජාතික කොඩිය
ශ්‍රී ලංකාවේ ජාතික කොඩිය

එහි දිග පළ‍ලෙහි අනුපාතය 1.2 වේ.එනම් උස/පළල ඒකක 1ක් වන විට දිග ඒකක 2ක් චන පරිදි ය.

ශ්‍රී ලංකාව 1948, පෙබරවාරි 04 වැනි දින තම නිදහස මහා බ්‍රිතාන්‍යයෙන් ලබා ගත් අවස්ථාවේ නැවතත් ඔසොවන ලද්දේ අවසන් ශ්‍රී ලංකා රජ භාවිතා කළ එකී සිංහ කොඩිය වේ.

නිදහස් ලංකාවේ අග්‍රාමාත්‍ය ඩී. එස්. සේනානායක මහතා නව ජාතික කොඩියක් සැලසුම් කිරීම පිළිබඳ ව රජයට උපදෙස් දීම සඳහා කමිටුවක් පත් කළේය. 1950 පෙබරවාරියේදී එම කමිටුව අනුමත කළ සැලැස්මෙහි කඩුව අතින් ගත් සිංහ සංකේතයක් බෝ කොළත් ඒ අයුරින්ම රඳවා කොළ පාට සහ කහ පාට සිරස් තීරු දෙකක් අලුතෙන් එකතු කෙරිණි. ජාතික කොඩිය පිළිබඳ කමිටුවේ අචසාන නිර්දේශ 1950 පෙබරවාරි 13 චෙනිදා පාර්ලිමේන්තුවට යෝජනා කොට . 1951 ‍පෙබරවාරි 27 වෙනිදා පාර්ලිමේන්තු‍වේ දී සභාගත කොට 1951 මාර්තු 02 වෙනිදා පාර්ලිමේන්තුවේ සභා සම්මත වී 1951 මාර්තු 31 වෙනිදා පැරණි පාර්ලිමේන්තුව ඉදිරිපිට ප්‍රධාන කොඩි ගසේ නිදහස් ශ්‍රී ලංකාවේ නව ජාතික ‍කොඩිය ගරු අග්‍රාමාත්‍ය ඩී.එස්. සේනානායක මහතා විසින් ඔසවන ලදි. නව ජාතික කොඩිය සම්මත වීමෙන් අනතුරුව ප්‍රථම වරට නිදහස් උත්සවයකදී ඔසවනු ලැබුවේ 1952 පෙබරවාරී 4 වැනිදා ය. 1972 දී කොඩියේ රතු මුලු හතරේ තිබූ සම්ප්‍රදායික බෝපත් ලාංඡන වෙනුවට නිවැරැදිව බෝපත් හතරක් එකතු විය.

ජාතික කොඩිය සකස් කිරී‍මෙි චිශේෂ කමිටුව

එස්.ඩබ්.ආර්.ඩී.බණ්ඩාරනායක මහතා (සභාපති)
ශ්‍රීමත් ‍ජෝන්.එල්. කොතලාචල මහතා
ජේ.ආර්. ජයචර්ධන මහතා
ආචාර්ය ලලිත් අභය රාජපක්‍ෂ මහතා
ටී.බී. ජයා ම
සෙනට් සභික එස්. නඩේසන් මහතා
ආචාර්ය සෙනරත් පරණචිතාන මහතා (ලේකම්)

ජාතික කොඩියේ එක් එක් සංකේතයේ සු‍විශේෂත්වය පහත සඳහන් පරිදි වේ

කහ පාට සිංහයා – සිංහල ජාතීයත්, සිංහල ජනතාවගේ විනය ගරුකබව, නිර්භීතකම, අභිමානය නායකත්වය, සාධාරණත්වයත්, විදහා දක්වයි.
කහ පැහැ අසිපත – ධාර්මිකව ද නීත්‍යනුකූලව ද යුක්තිගරුකව ද රට පාලනය කරමින් මව් බිමේ ආරක්‍ෂාව උදෙසා නැගී සිටීම.
බෝපත් හතර – මෙත්තා, කරුණා, මුදිතා, උපේක්ඛා යන සතර බ්‍රහ්ම විහරණ ඇතුලු සියලු ආගම්වලට ගරු කිරීමේ උතුම් ගුණය.
තද රතු/මෙරුන් පාට කොටස -ශ්‍රී ලාංකික සියලු ජනතාවගේ ජිව රුධිරය සහ පුරාණ සිංහල රාජකීය ධජයේ නියෝජනය.
කොළ/හරිත හා තැඹිලී/රඹ පැහැ සිරස් පටි දෙක – දෙමළ, මුස්ලිම්, බර්ගර්, මැලේ, ජා, වතු දෙමළ යනාදි සියලු සුඵ ජාතීන් නියෝජනය.
එක සමාන පළලකින් වූ කහ පටිය – ජාතික කොඩියේ සියලු කොටස් එකට බැදී ති‍බේ. සියලු ජාතීන් අතර එකමුතුව. සාමය, ප්‍රඥාව හා අන්‍යෝන්‍ය අවබෝධය පැහැදිලි කරයි.
සිංහයාගේ හිසේ කේශර හා වලිගයේ නැවුණු ඉහල කොටස – මෙම කොටස් දෙක එක සමාන මට්ටමේ පැවතීමෙන් පාලකයා හා රටවැසියන් අතර සමානත්මතාව පැවතීම සහ මැදි පිලිවෙතට ගරු කිරිම.
ජාතික කොඩි‍ය භාවිත කළ යුතු ආකාරය

ජාතික ‍කොඩිය කිසිදු විටක පොළවට සමතලාව සිටින සේ හෝ තිරස් ලෙස රැ‍ගෙන නොයා යුතු අතර සෑම විටම යෂ්ටිය ඍජුව සිටින සේ ගෙන යා යුතුය.
ජාතික කොඩිය ,වෙනස් කොඩි සමග පෙරහැරක ගෙන යන විට එය තිබිය යුත්තේ පෙළපාළියේ දකුණු පසින් වන අතර වෙනත් කොඩි පෙළක් ඇත්නම් එම කොඩි පෙ‍ළේ මැදට ජාතික කොඩිය ගෙන ආ යුතුය.
කිසිවක් හෝ කිසිවෙකු වෙනුවෙන් ජාතික කොඩිය මද වශයෙන් හෝ පහත් නොකළ යුතු ය.
කිසිදු අවස්ථාවක ජාතික කොඩිය බිම නොතැබිය යුතුය.
ජාතික කොඩිය ඔසවන අවස්ථාවක දී සීරුවෙන් සිට එස විය යුතු අතර සියලු දෙනාම නැගී සිටිය යුතුය.
ජාතික කොඩිය එස වූ විගස ජාතික ගීය වාදනය හෝ ගායනය සිදු කළ යුතු අතර වෙනත් කිසිදු සංගීත භාණ්ඩයක් වාදනය නොකළ යුතුය.
හානියට පත් වූ හෝ අවල‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍ක්‍ෂණ වූ ජාතික කොඩියක් ප්‍රදර්ශණය නොකළ යුතු අතර ජාතික කොඩියට ඉහළින් වෙනත් කිසිදු ධජ ,පතාක හෝ සැරසිලි නොතිබිය යුතුය.
ජාතික කොඩිය කිසිදු අවස්ථාවක අදින ඇදුමක් ,ඇතිරිල්ලක් ලෙස භාවිත කළ නොහැකි අතර රාජ්‍යය/හමුදා අවමංගල්‍යය වලදී ආස්තරණයක් ලෙස භාවිත කළ හැකිය.
ජනපති ආඥාව යටතේ යුද හමුදා රෙජිමේන්තුවලට සිදු කරන ජනපති වර්ණ ප්‍රදානයක දී හැර කිසිම සලකුණක්, ලාංජනයක්, වචනයක්, රූපයක් ජාතික කොඩිය මත නොතැබිය යුතුය.
ජාතික කොඩියේ කුමන හෝ නිරූපනයක් අවසර රහිතව භාවිත කිරීම ද තහනම් වේ.
අසන්ත බෝලීන්.

Post a Comment

0 Comments